ශබ්ද දූෂණය : උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 28, 2022

ශබ්ද දූෂණය : උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

උඩුවේ ධම්මාලේක හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබෙනවා. 
ඒ, එම අධිකරණයේ ක්‍රියාත්මක නඩුවක් සඳහා ධම්මාලෝක හිමි පෙනී නොසිටීම හේතුවෙන්.

අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හරහා මහජනයාට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් උඩුවේ හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය, වත්මන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් විසිනි.

මෙම නඩුව ඔක්තෝබර් මස 31 වැනිදා යළි කැඳවීමටයි අධිකරණය තීරණය කළේ.

මීට පෙර නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධව උන්වහන්සේ 2016 වසරේදී අත්අඩංගුවට පත්විය.


No comments:

Post a Comment

Post Bottom Ad