ප්‍රබල ඇමතිවරුන්ගේ තනතුරු ගැලවෙයි! ඇමති ලැයිස්තුවත් හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 29, 2022

ප්‍රබල ඇමතිවරුන්ගේ තනතුරු ගැලවෙයි! ඇමති ලැයිස්තුවත් හදයි

ලඟදීම සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් දැනට සිටින මැති ඇමතිවරුන්ගේ ලොකු වෙනසක් සිදු වන බව වාර්තා වනවා. 
ඒ අනුව මෙම කැබිනට් සංශෝධනයේදී දැනට සිටින ප්‍රබල ඇමැතිවරුන් ගණනාවකගේම විෂය පථයන් වෙනස් වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම එක් අමාත්‍යංශයකට වඩා දරන ඇමැතිවරුන්ගෙන් අනෙක් අමාත්‍යංශ ඉවත් කිරීමටද තීන්දු කර ඇති බව වාර්තා වනවා.

වරාය, ක්‍රීඩා, කර්මාන්ත ඇමැති ධුර අනිවාර්යයෙන්ම වෙනස් වන අතර රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල වැනි අමාත්‍යංශ ගණනාවක් හොබවන ඇමැතිවරුන්ගේ විෂයන් අඩු කිරීම මේ අනුව සිදු වීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පැවසුවා.

කෙසේ වෙතත් දැනට අර්බුධයට ගොස් ඇති කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම දිවුරුම් දීමෙන් අනතුරුව මෙම කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad