නෙළුම් කුළුණේ අද ප‍්‍රසංගයකට කොළඹ නගර සභාවෙන් දැඩි කොන්දේසි... ‘සාතන්, අපාය’ ප‍්‍රවර්ධනය නොකරන්නැයි දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 30, 2022

නෙළුම් කුළුණේ අද ප‍්‍රසංගයකට කොළඹ නගර සභාවෙන් දැඩි කොන්දේසි... ‘සාතන්, අපාය’ ප‍්‍රවර්ධනය නොකරන්නැයි දන්වයි

කොළඹ නෙළුම් කුළුණ අසල අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබා දී තිබේ. 
කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත්තේ ‘Hellfire’ යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් දන්වමිනි.

එම ප‍්‍රසංගයේදී ‘සාතන්’ ප්‍රවර්ධනය කරනු ඇතැයි පල වූ මතයන් හේතුවෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ද මීට පෙර ද ඉල්ලා ඇත්තේ සංගීත උළෙලේ තේමාව ‘Hellfire’ යන්න වෙනස් කරන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad