බැසිල්ගේ බලය බින්දුවටම බහී... 22 සංශෝධනයට 2/3 ඉක්මවූ බලයක් සම්පූර්ණයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 20, 2022

බැසිල්ගේ බලය බින්දුවටම බහී... 22 සංශෝධනයට 2/3 ඉක්මවූ බලයක් සම්පූර්ණයි

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මේ වන විටත් ඊට අවශ්‍ය වන තුනෙන් දෙකේ බලය හිමිවන ලකුණු පහළව තිබේ. 
ඊට විරුද්ධ පාර්ශවය වශයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පක්ෂපාතී පිරිස් පෙනී සිටින අතර එම පිරිස ඉතා අඩු අගයක් දක්වා පහත වැටී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ තම පක්ෂයේ වැඩි පිරිසක් පනත් කෙටුම්පත ඡන්දය නොදෙන බවයි.

නමුත් පාර්ලිමේන්තුවේ දී ද පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අදහස් දක්වමින් කියා සිටියේ ඊට ඡන්දය දෙන බවයි.

ඒ අනුව බොහෝ දුරට අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදු කිරීමෙන් පසු එම කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad