සනත් නිශාන්තගේ පොත් දසදහසක පුස්තකාලයක් ගිනිගෙන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 1, 2022

සනත් නිශාන්තගේ පොත් දසදහසක පුස්තකාලයක් ගිනිගෙන!

මැයි 09 වනදා සිය නිවසට ගිනිතැබීම හේතුවෙන් තම නිවසේ තිබූ පොත් 10,000 කින් යුත් විශාල පුස්තකාලය ගිනිගෙන විනාශවූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. 
ඔහු පවසන්නේ තමන් හා තම බිරිද ජීවිත කාලය පුරාවටම එක්රැස්කළ පොත් එම පුස්තකාලයේ තිබූ බවයි.

සතිඅග පුවත්පතක් සමඟ අදහස් දක්වමින් සනත් නිශාන්ත මහතා සදහන් කර ඇත්තේ තමන් විවේකය ලද සෑම අවස්ථාවකම පොතක් කියවන බවයි.

පාන්දර කාලයේ පොත් කියැවීම පුරුද්දක් කරගත් තමන් හට මේ වන විට ඉතිරිව ඇත්තේ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගන්නා ලද පොත් කිහිපය පමණක් බවට ඔහු පවසා තිබෙනවා.

සනත් නිශාන්ත මහතා සදහන් කරන්නේ එමෙන්ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පොත් මිලදී ගැනීමට ගිය තමන් දෙස එහි පැමිණ සිටි පිරිස බැලුවේ අමුතු සතෙකු දෙස බලන්නාක් මෙන් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad