වාහන ඉවරයි... බාල තෙල් ලංකාවේ... පසුපස ඉන්නේ තිරුපති යන්න ජෙට් දුන් අයයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 1, 2022

වාහන ඉවරයි... බාල තෙල් ලංකාවේ... පසුපස ඉන්නේ තිරුපති යන්න ජෙට් දුන් අයයි (VIDEO)

ශ්‍රී ලංකාවට බාල බොරතෙල් ගෙන්වීම පසුපස ඉන්නේ තිරුපති යන්න ජෙට් එක දීපු කණ්ඩායම බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
 
ඩොලර් කාබාසිනියා කරමින් ලංකාවට බාල තෙල් නැවු ගෙන්වීම පසුපස බලයක් නැති කපුටු පාලනය තවමත් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

මෙම බොරතෙල් නිසා පිරිපහදුව මෙන්න රටේ වාහන ටිකද අවසන් වන බවත් හෙතෙම කියා සිටී.

පිරිපහදුවේ නිලධාරීන් දේශපාලන බලයෙන් යටකර මේ බොරතෙල් සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බවද පවසන ඔහු ඔක්ටේන් 95 පෙට්‍රල් අඩු මිලට ගැනීමට හැකියාව තිබියදී වැඩි මිලට ඔක්ටෙන් 92 ගෙන මිලදී ගනිමින් සිටින බව ද පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad