ගෝඨාගේ බිදුණු ප්‍රතිරූපය යළි අටවා දීමේ ව්‍යාපෘතියක්…! පිටුපස මාධ්‍ය ආයතන හිමිකරුවෙක්...! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 4, 2022

ගෝඨාගේ බිදුණු ප්‍රතිරූපය යළි අටවා දීමේ ව්‍යාපෘතියක්…! පිටුපස මාධ්‍ය ආයතන හිමිකරුවෙක්...!

නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය යළි එකලස් කිරීමේ ව්‍යාපෘතියක් දියත්ව තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

සමස්ත ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු- බව ද වෙබ් අඩවිය පවසයි. 
අදාල ව්‍යාපාරිකයා විසින් යොදවා ඇති කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ ඔහු ජනාධිපතිව සිටියදී පිළිසදර සදහා ගිය ගම් දනව් වෙත සංචාරය කරමින් සමීක්ෂණයක් සිදු කරමින් සිටින බව වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර සිටියි.

සමීක්ෂණය අතර තුරේ එම කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා ගනු ලැබූ සියළු වැරදි තීන්දු තීරණ ඔහුගේ වරදින් නොව; ඔහු සමග සිටි ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් නිළධාරීන් විසින් ඔහු නොමග යැවීම නිසා ගැනීමට බල කෙරුණු තීන්දු තීරණ බව ඒත්තු ගැන්වීමටද කටයුතු කරමින් සිටින බව පැවසේ.

ඊට අමතරව එකී ව්‍යාපාරිකයා විසින් ම යොදවා ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් අවශ්‍ය මොහොතක දී යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ හැකියාවක් තිබේදැයි විමසිල්ලෙන් පසුවන බවත් ඩේලි මිරර් වාර්තා කරයි.

කෙසේවෙතත් මේ මොහොතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ.

උපුටා ගැනීම : headlinenews


No comments:

Post a Comment

Post Bottom Ad