සිය ගණනක් අධිකරණයට ගෙනා මමත් සැකකරුවෙක් විදිහට උසාවි ගෙනාවාම හරිම අසරණ වුණා – ශානී අබේසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 4, 2022

සිය ගණනක් අධිකරණයට ගෙනා මමත් සැකකරුවෙක් විදිහට උසාවි ගෙනාවාම හරිම අසරණ වුණා – ශානී අබේසේකර

සිය ගණනක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති තමන්ට එහි නියම ස්වරූපය අවබෝධ වූයේ තමන් ද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ විට යැයි හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පවසයි.

එහි දී තමන්ට විශාල අසරණකමක් දැනුණු බවයි, ඔහු සඳහන් කළේ.

තම ඇප අයඳුම්පත නොයෙක් හේතු මත මාස ගණනක් තිස්සේ යට ගිය බව ද තමා වෙනුවෙන් ඉදිරිපත් වූ තවරාසා මැතිනිය කිසිදු නීතීඥයකු මුදල් අය නොකළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

තමා බන්ධනාගාර ගත කොට සිටි මාස 4යි දවස් 18 තුළ තම බිරිඳ සහ දරුවන් දැකීමට අවස්ථාව ලබා දුන්නේ 04 වරක් පමණක් බව ද ශානි අබේසේකර සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad