අද මැච් එක ගහන්නම ඕන! නැත්නම් වැහි දෙයියෝ පිහිට වෙන්න ඕන! එහෙම නැති වුණොත් දෙයියන්ගේම පිහිට තමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 19, 2022

අද මැච් එක ගහන්නම ඕන! නැත්නම් වැහි දෙයියෝ පිහිට වෙන්න ඕන! එහෙම නැති වුණොත් දෙයියන්ගේම පිහිට තමයි!

ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.  
මේ වන විට පළමු වටයේ  “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එම සටහනේ තෙවන ස්ථානයේ ය.

නැමීබියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසු වේ.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීම අනිවාර්යය වේ.

ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන්ට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවනවා. ඒ, දළ ලකුණු වේගය අනුව එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ඉහළ ප්‍රවණතාව හේතුවෙන්. එසේවුවහොත් අවදානමට පත්වන්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය පරාජයට පත්වුවහොත් අද පස්වරුවේ පැවැත්වෙන නැමීබියා – එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගයේ ප්‍රතිඵලය දෙස බලාසිටීමට සිදුවනු ඇති. එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජයග්‍රහණය කර, නැමීබියා කණ්ඩායමේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකාවට වඩා අඩුවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 12දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකිවනවා.

යම්හෙයකින් අද පෙරවරුවේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී පස්වරුවේ තරගයෙන් නැමීබියා කණ්ඩායම ජයගතහොත් නෙදර්ලන්තය සහ නැමීබියාව සුපිරි 12දෙනාගේ වටයට පිවිසෙනු ඇති.

යම්හෙයකින් අද තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය පරාජයට පත්වී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කිරීමට නැමීබියාවට හැකිවුවහොත් ශ්‍රී ලංකාව සහ නැමීබියාව සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා. පස්වරුවේ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නැමීබියාව පරාජයට පත් කළහොත් බොහෝදුරට නැමීබියාවට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවනවා. එහිදී ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය පරාජයට පත්වුවද එම කණ්ඩායම් දෙකට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකිවනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නම් අද තරගයේදී නෙදර්ලන්තය පරාජය කළ යුතුයි. එහිදී දළ ලකුණු වේගය අනුව ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවනවා.

ශ්‍රී ලංකා නෙදර්ලන්ත තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9යි 30ට ආරම්භ වනවා. මීට පෙර නෙදර්ලන්තය ලෝක කුසලාන ක්‍රිකට් පිටියේදී හමු වූ අවස්ථා දෙකේදී ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා. 2014දී ලකුණු 39කට නෙදර්ලන්ත කණ්ඩායම සීමා කරන ශ්‍රී ලංකාව 2021 දී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට සීමා කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad