මහබැංකු අධිපති නන්දලාල් සල්ලි අච්චු ගහලා වාර්තාවක් තියලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

මහබැංකු අධිපති නන්දලාල් සල්ලි අච්චු ගහලා වාර්තාවක් තියලා!

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධූරයට පත්ව ගෙවුණු දින 203 ක කාලය තුළ රුපියල් බිලියන 446 ක වටිනාකමකින් යුතු මුදල් මුද්රණය කර ඇති අතර ඔහුගෙන් පසුව මහබැංකු අධිපති ධූරයට පත් වූ වත්මන් මහබැංකු අධිපති නන්දාල් මහතා, ඔහුගේ ධූර කාලයේ මුල් දින 203 තුළ රුපියල් බිලියන 691 ක වටිනාකමින් යුත් මුදල් මුද්රණය කර තිබෙන බව පැවසේ. 
ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිනකට රුපියල් බිලියන 2.2 ක් මුද්රණය කර තිබෙන අතර එස් නන්දලාල් මහතා දිනකට රුපියල් බිලියන 3.4 ක් මුද්රණය කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මේ වන විට මුදල් මුද්රණය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.



No comments:

Post a Comment

Post Bottom Ad