සැගවුණු ද්විත්ව පුරවැසි මන්ත‍්‍රීන් හෙලිවෙයි! ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු දෙන්න ලෑස්තියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

සැගවුණු ද්විත්ව පුරවැසි මන්ත‍්‍රීන් හෙලිවෙයි! ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු දෙන්න ලෑස්තියි!

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ හෙළි කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු ඉල්ලා ලැබී ඇති ඉල්ලීම් දෙකක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කර ඇත. 
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් වරයාගේ අවසරය ලැබුනු පසු එම තොරතුරු හෙළි කරන බවද හෙතෙම තහවුරු කරයි.

ද්විත්ව පුරවැසිභාවය ඇති අය හෙළිදරව් කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවන බවත් අවශ්‍ය වන්නේ එම පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ තොරතුරු හෙළි කිරීම සඳහා පාලක ජනරාල් වරයාගේ අවසරය පමණක් බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad