හිටපු ඇමති රෝහිතගේ බෑණා කෝටි ගණනක් වංචා කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 19, 2022

හිටපු ඇමති රෝහිතගේ බෑණා කෝටි ගණනක් වංචා කරලා!

අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසා රට වටා සිටින පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන කෝටි ගණනින් වංචා කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුවන සේරම් නැමැත්තාගේ පුත්‍රයකු සොයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 
සැකකරු හිටපු කැබිනට් ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනකු වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවසේ.

අලෙවි කර පසුව මුදල් ලබාදෙන පොරොන්දුව මත ගෙන ගිය තම වාහන විකුණා ඒ සඳහා තමන්ට හිමිවිය යුතු මුදල් ලබා නොදුන් බවට පොලොන්නරුවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පැවසේ.

අදාළ පුද්ගලයාගේ පියා විසින් විදෙස් රටවලින් ආනයනය කරන වී 8 වැනි වටිනා මෝටර් රථ වරායෙන් බදු නොගෙවා ගෙනැවිත් විකුණූ බවට ද මේවන විට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

- srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad