ගෝටාභය ආණ්ඩුව පෙරළූ කුමන්ත‍්‍රණකරුවා බැසිල්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 18, 2022

ගෝටාභය ආණ්ඩුව පෙරළූ කුමන්ත‍්‍රණකරුවා බැසිල්..

පසුගිය ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණය විමල් ගම්මන්පිල සිටියේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි.

ඔහු කියා සිටින්නේ තමන් දෙදෙනා එම ආණ්ඩුව පෙරලන කුමන්ත‍්‍රණයේ සිටියේ නම් එහි නියම කුමන්ත්‍රණකරුවා බැසිල් රාජපක්ෂ මහතා බවයි.

විසල් සහ ගම්මන්පිල දෙදෙනා කැබිනට්ටුවෙන් ඉවත් කරන තුරු තමන් කැබිනට්ටුවට නොපැමිණෙන බව බැසිල් රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිවරයාට දන්වා තිබූ බවද හෙතෙම පැවසීය.

පැවැති ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතාට උවමනා පරිදි ගමන් කරවීම නිසා අද මේ තත්ත්වයට රට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad