හම්බන්තොට මන්දපෝෂණය ගැන රටට හෙළි කළ වෛද්‍යවරයා එළියට එයි! කෙහෙළියට අභියෝගයකුත් කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 1, 2022

හම්බන්තොට මන්දපෝෂණය ගැන රටට හෙළි කළ වෛද්‍යවරයා එළියට එයි! කෙහෙළියට අභියෝගයකුත් කරයි! (VIDEO)

හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේ මන්දපෝෂණය 80%ක සීමාවේ පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යා ලේඛන අසත්‍ය යැයි කිසිවකු පවසන්නේ නම් ඔවුන් සමඟ විවාදයකට තමන් සූදානම් බවයි.

හම්බන්තොට පමණක් නොව කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුන්ටද දැන් පෝෂණ ඌනතා පැන නගිමින් ඇතැයිද හෙතෙම කියා සිටී.

වෛද්‍යවරුන්ට මාධ්‍යයට අදහස් පළ කිරීම තහනම් කර ඇති බවත් රටේ ජනතාවට ඇත්ත දැන ගන්නවාට ආණ්ඩුව බියට පත්වී සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad