සිගරැට්වලට බදු නොගහන එක පිටුපස ඉන්න බලවතුන් කව්ද? සිගරැට්වලට බදු ගහලා අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩු කරන්න! ආණ්ඩුවට සිග්නල් එකක්! කොළඹ පුරාම පෝස්ටරයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 11, 2022

සිගරැට්වලට බදු නොගහන එක පිටුපස ඉන්න බලවතුන් කව්ද? සිගරැට්වලට බදු ගහලා අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩු කරන්න! ආණ්ඩුවට සිග්නල් එකක්! කොළඹ පුරාම පෝස්ටරයක්!

ඉදිරි අයවැයෙන් සිගරැට්වලට වැඩි බදු ප්‍රමාණයක් ගසා ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කරන ලෙසට කොළඹ පුරා පෝස්ටරයක් අලවා ඇති ආකාරයක් දැකගත හැකි විය. 
සිගරැට් භාවිතයෙන් ජනතාව නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය මගින් මෙම පෝස්ටර් අලවා තිබිණ.

ඔවුන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් සිගරැට්ටුවක් රුපියල් 20කින් හෝ වැඩි කොට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළන ලෙසයි.

සාමාන්‍යයෙන් සෑම වසරකම මත්පැන් මිල කිහිප වතාවක්ම ඉහළ නැංවුවද සිගරැට් මිල ඒ අයුරින් ඉහළ නංවන්නේ නැත.

සිගරැට් සමාගම්වල හිමිකරුවන් විසින් ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරීන්ට සහ දේශපාලඥයන්ට මුදල් සන්තෝෂම් ලබා දී සිගරැට් බදු ඉහළ නැංවීම වළකාගෙන සිටින බවට බරපතළ චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad