‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව නතර කරයි... කරන්න බැරි බව මන්ත‍්‍රින් දැනුම් දෙති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 12, 2022

‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව නතර කරයි... කරන්න බැරි බව මන්ත‍්‍රින් දැනුම් දෙති!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබූ ‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් මාලාව ආරම්භ කර තිබුණි.
කළුතර නාවලපිටිය සහ පුත්තලම මෙම රැස්වීම් තුනක් මෑතක දී පැවැත්විණි.

පවතින තත්ත්වය මත දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වා දීම මත මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය වී තිබේ.

මුලින්ම පාක්ෂිකයන් ගැන බලා පක්ෂය සංවිධානය කර ඉන් අනතුරුව රැස්වීම පැවැත්වීම වඩාත් සුදුසු බව මහජන නියෝජිතයන් පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad