අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 3, 2023

අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි

නව කැබිනට් අමාත්‍යවරුන් 12දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගොස් තිබුණා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad