ඩයනා තවත් අඩියක් ඉස්සරහට තියයි! දැන් එයා දත් මදින්නෙත් ගංජාවලින්ලු! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 3, 2023

ඩයනා තවත් අඩියක් ඉස්සරහට තියයි! දැන් එයා දත් මදින්නෙත් ගංජාවලින්ලු!

තමන් දැන් දත් මැදීම සදහා භාවිතා කරන්නේද කංසා යොදා සකස් කර ගත් දන්තාලේපයක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඇය මේ බව පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඇය සදහන් කරන්නේ කංසා යනු විවිධ නිෂ්පාදන රැසක් බිහිකළ හැකි පලදායී භෝගයක් බවයි. 
තමන් කිසිවිටෙකත් කංසා පානයක් ලෙස මෙරට භාවිතා කිරීමට යෝජනා නොකළ බවත් එය අපනයන භෝගයක් ලෙස වගා කොට මෙරටට ඩොලර් ගෙන ඒමේ මාර්ගයක් ලෙස භාවිතා කිරීමට රජයට යෝජනා කළ බවත් රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා. ඇය වැඩි දුරටත් කියා සිටින්නේ, තමන් මත්ද්‍රව්‍යවලට දැඩිව විරුද්ධ පුද්ගලයෙක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad