විපක්‍ෂයෙන් නව සන්ධානයක් මේ සතියේ.. ආණ්ඩුවේ බහුතරය නැති කරමින් මන්ත‍්‍රී පිරිසක්ද එක්වෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 2, 2023

විපක්‍ෂයෙන් නව සන්ධානයක් මේ සතියේ.. ආණ්ඩුවේ බහුතරය නැති කරමින් මන්ත‍්‍රී පිරිසක්ද එක්වෙයි..

විපක්ෂයේ සිටින මන්ත්‍රී කණ්ඩායම් කිහිපයක් එක්ව නව දේශපාලන සන්ධානයක් මේ සතියේ පිහිටුවීමට සාකච්ඡා කරමින් සිටී.
පොදුජන පෙරමුණෙන් ඉවත් වී දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින උත්තර ලංකා සභාගය, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම, දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ සඳහා එක්වීමට නියමිතව ඇතැයිද පැවසෙයි.
ආණ්ඩුවේ දැනට සිටින මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් ද එම සන්ධානයට ඉදිරියේ දී එක් වනු ඇති බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සන්ධානය පිහිටුවීමෙන් පසු ආණ්ඩුවේ බහුතර බලය ද බිඳ වැටුණු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad