“ඖෂධ හිගයට විසදුමක් නොලැබුනහොත් රජයට දැනෙන භාෂාවකින් උත්තර දෙනවා” – GMOA අනතුරු අඟවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 6, 2023

“ඖෂධ හිගයට විසදුමක් නොලැබුනහොත් රජයට දැනෙන භාෂාවකින් උත්තර දෙනවා” – GMOA අනතුරු අඟවයි

රජයේ රෝහල්වල ඖෂධ හිගය පෙර තිබු තත්වයටත් වඩා ඉතා දරුණු අයුරින් පවතින බවත් මෙම ගැටළුවට රජය මගින් කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් මෙම ප්‍රශ්නය මහජනතාව වෙත රැගෙන ගොස් රජයට දැනෙන භාෂාවකින් පිළිතුරු දිමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා පැවසුවා. 
ඖෂධ හිගය නිසා රෝගින්ගේ ශල්‍යකර්ම ප්‍රමාද කිරිමට සිදුවි ඇති බවත් ප්‍රථිකාර ගැනිම සදහා සායනවලට පැමිණෙන රෝගින් සදහා ඖෂධ වර්ග පහක් නියමකළහොත් ඉන් වර්ග වර්ග දෙක තුනක් මුදල් ගෙවා පිටතින්  මිලදි ගැනිමට සිදුවි ඇති බවද රාජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා සදහන් කළා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නව භෝජනාගාරය විවෘත කිරිමෙන් පසු  මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සදහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා මෙසේද සඳහන් කළා,

“මේ ප්‍රශ්නයෙන් ගොඩ එන විදිය ගැන වෘත්තිය සමිතියක් විදියට අපි දස වෑදැරුම් යෝජනා වලියක් ලබාදිලා තියෙනවා. බලධාරින් ඒ පිළිබද අවධානය යොමුකරලා නැහැ. රෝගින්ට දරාගැනිමට නොහැකි අයුරින් ඖෂධ මිල ඉහලගොස් තියෙනවා.  ඖෂධ පිළිබද අක්‍රමිකතා හා දුෂණ සම්බන්දයෙන් ඇවිත් තිබෙන චෝදනා අපිට බැහැර කරන්න බැහැ. එළඹෙන 23 වැනිදා මෙම ප්‍රශ්නය මහජනතාව හමුවට අරගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපි තින්දු කරලා තියෙනවා අහිසංක රෝගි ජනතාව තමයි මේ නිසා දැඩි පිඩාවට ලක්වෙන්නේ මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා  රජයට  දැනෙන භාෂාවකින් මේ පිළිබද දැනුම්  දෙන්න. සෑම රෝහලකම මහජන පෙත්සමක්  ලබා ගැනිමට කටයුතු කරණවා. ඖෂධ හිගයට විසදුම් ලබා දෙන්න කියලා. මේ පිළිබද බලධාරින් කටයුතු කරන්නේ ඇල්මැරුණු අයුරින්. අපි ඖෂධ හිගය සම්බන්දයෙන් කථා කරන්න අරගෙන මාස පහක් හයක් වෙනවා. එදාටත් වඩා දරුණු විදියට අද වන විට රෝහල්වල ඖෂධ හිගය තියෙනවා.”



No comments:

Post a Comment

Post Bottom Ad