ඡන්දය කොහොමහරි කල් දාගන්න අද තවත් ගේමක් ගහයි... කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි... ජනපතිත් එනවලු - රනිල් නිරුවත්ව ලැජ්ජා නැති වැඩ කරනවා… අප්‍රසන්නයි -අනුර කුමාර (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 17, 2023

ඡන්දය කොහොමහරි කල් දාගන්න අද තවත් ගේමක් ගහයි... කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි... ජනපතිත් එනවලු - රනිල් නිරුවත්ව ලැජ්ජා නැති වැඩ කරනවා… අප්‍රසන්නයි -අනුර කුමාර (VIDEO)

මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීම පිළිබඳ අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඊට ජනාධිපතිවරයා ද සහභාගී වනු ඇති. 
අමාත්‍යවරයා සඳහන් කළේ, එහිදී පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ලැබුණහොත් එය හෙට දිනයේ දෙවැනි වර කියවීමේ විවාදයට යොමු කරන බවය.

මෙම පනත සම්මත වුව ද ඉන් බලාත්මක වන නීති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පෙර ඇති කර ගත් එකඟතාවන් කඩ කරමින් මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත හදිසියේ විවාදයට ගැනීමට සුදානම් වන බවට විපක්ෂය පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad