අතිබිහිසුණු පනතක්! ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එකහෙළා විරුද්ධ වෙන්න! ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අමෙරිකානු ජනපති බයිඩන්ට දැනුම් දෙයි! වහාම ජනපති රනිල්ට පණිවුඩයක් යවන්න කියයි! - විගස පුවත් - Vigasapuwath

Saturday, April 15, 2023

අතිබිහිසුණු පනතක්! ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට එකහෙළා විරුද්ධ වෙන්න! ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අමෙරිකානු ජනපති බයිඩන්ට දැනුම් දෙයි! වහාම ජනපති රනිල්ට පණිවුඩයක් යවන්න කියයි!

ජෝ බයිඩ්න් පරිපාලනය, ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබදව අගයන්නේනම්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රති ත්‍රස්ත පනතට එක හෙළා විරුද්ධ විය යුතු යැයි, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

බයිඩ්න් පරිපාලන මේ සම්බන්ධයෙන්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පණිවිඩයක් යැවිය යුතුව ඇති බවද ඔවුන් පවසයි.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බිහිසුණු පනතක් ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හදුන්වයි.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත, රජය මුලුමනින්ම හකුලාගත යුතුව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දශක හතරකට වැඩි කාලයක්, විවේචකයන් මර්දනය කිරීමටත් සුළු ජාතිකයන්ට හිංසා කිරීමටත් භාවිතා කර තිබෙන්නේ යැයි, එම සංවිධානය චෝදනා කරයි.

බයිඩ්න් පරිපාලනය සහ කොන්ග්‍රස් මණ්ඩලය, මෙම පනත සම්මත වන්නට ඉඩ දී නිහඩ වන්නේ නම්, එහි තේරුම, විසම්මුතිය යටපත් කිරීම සදහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දීමක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

පසුගිය වසරේ පැන නැගුණු මහජන අරගලයට පසු, මහජන ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම සදහා ත්‍රස්තවාදයට එරෙහි පනත් යොදා ගැනීම පිළිබදව රජය වැඩි කැමැත්තකින් පසුවන බව පෙනී යන්නේ යයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

නව පනත් කෙටුම්පත හරහා, චෝදනා ගොනු කිරීමකින් තොරව, දීර්ඝ කාලයක් සැකකරුන් රදවා තබා ගැනීම සදහා ප්‍රතිපාදන සැලැසී තිබේ. නීතිපතිගේ උපදෙස් මත එකී කාලය තවත් දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරයෙකඳාට අවසර ලැබේ. එමෙන්ම දැනටමත් අධිචෝදනා ගොනුකර තිබෙන සැකකරුවන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව පොලිසියට ලබා දී තිබෙන අතර, මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය මත, වැඩිදුර විමර්ෂණය සදහා සැකකරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේ අවසරයද පොලිසියට හිමි වේ.

ප්‍රති ත්‍රස්ත පනත තුළ තිබෙන මෙම විධිවිදානය බිහිසු එකක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. ඉන්, සැකකරුවන් වද බන්ධනයට ලක් කිරීමේ අවස්ථාව උදාකර දී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

වරෙන්තු නොමැතිව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නව ප්‍රතිත්‍රස්ත පනත මගින් අවසර ලබා දී තිබීම ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි විවේචනයට ලක් ව තිබේ.

එමෙන්ම, අධිකරණයේ අධීක්ෂණයකින් තොරව දේශපාලන පක්ෂ හෝ සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිවරයාට ලබා දී තිබෙන බලයද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විවේචනයට ලක්ව තිබේ.

වරදකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අවසර ලබා දී තිබීමද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙලා දකියි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *