ඇමතිකම් නොදුන් දුකට පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 13, 2023

ඇමතිකම් නොදුන් දුකට පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී!

මෙතෙක් ඇමති ධුර නොලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙසේ පසුගිය සතියේ සාකච්ඡා කර ඇති මන්ත්‍රීවරුන් පිරිස දස දෙනෙක් පමණ වන බව ද සදහන්ය.

නමුත් විපක්ෂයේ අසුන් ගත්තද තවදුරටත් පොදුජන පෙරමුණේ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමටද ඔවුන් තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලට ද සහභාගි නොවීමට ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත අතර පසුගිය කාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම් වලට ද ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සහභාගි වී නැත.

අමාත්‍ය ධුර ලබා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මන්ත‍්‍රීවරුන්ගේ නම් ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත මීට මාස කිහිපයකට පෙර යවා තිබිණි.

නමුත් එය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වූ නිසා මෙම ජේෂ්ඨයන් විපක්‍ෂයේ අසුන් ගැනීසට තීන්දු කර තිබෙන බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad