මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි - ජනක රත්නායක (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 25, 2023

මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි - ජනක රත්නායක (VIDEO)

රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් බවත් එ් බව විශ්වයේ විශ්ව ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඇතැමකුට මේය සිනහසීමට කාරණයක් වුවත් එය පරම සත්‍ය බවත් ඔහු කියා සිටී.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමාගේ ඇඳුමට සමාන ඇඳුම් අඳින බවත් නරේන්ද්‍ර මෝදිට පෙර තමන් එම ඇඳුම් ඇඳි බවත් රත්නායක මහතා සඳහන් කලේය.

ඔහු මේ බව සදහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

තමන් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට කිසිදු දිනක ‘සර්’ කියා අමතා නොමැති බව ද ජනක රත්නායක මහතා එහිදී කියා සිටී.

අද වන විට තමන් සතුව බිලියන 4ක වත්කම් ඇති බව ද ජනක රත්නායක තව දුරටත් එහිදී සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad