ණය නගවමට ගත තනදව හරයට හර අද ලබන ආරථක දයණවට හතව එයය අල සබර (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 19, 2023

ණය නගවමට ගත තනදව හරයට හර අද ලබන ආරථක දයණවට හතව එයය අල සබර (VIDEO)

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු නොගෙවීමට පසුගිය වසරේ ගත් තීරණයේ වගකීම අදටත් තමන් භාරගන්නා බව එවක මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පවසයි.

ප්‍රශ්නය – එදා අපි ණය ගෙවන්නේ නෑ කියලා ගත්තු තීරණයේ වගකීම ඔබ අදටත් භාරගන්නවාද ?

“අනිවාර්යයෙන්ම. අපි ඒක සාමූහිකව ගත්ත තීරණයක්.
ප්‍රධාන වශයෙන් ඒ යෝජනාව ආවෙ මූල්‍ය මණ්ඩලයෙන්. මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඉන්නෙ මහබැංකු අධිපති. ඊට පස්සේ ඒ පිළිබඳ කරුණු මට ඉදිරිපත් කළා මහබැංකු අධිපතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්තුමා.

මට යෝජනා කළාට පස්සෙ – විශේෂඥ මණ්ඩලයක් අපට තිබුණා කුමාරස්වාමි මැතිතුමායි ශාන්ත දේවරාජන් මැතිතුමායි, ෂාමිනී කුරේ මහත්මියයි – ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළාට පස්සේ මට ලැබුණු තොරතුරු අනුව සහ අපට තිබුණු ඔප්ෂන්ස් ටික එක්ක බලනකොට ඒක තමයි ගත හැකි හොඳම තීරණය”

ප්‍රශ්නය – ඔබ හිතනවා ද අදටත් ඒ තීරණය හරි කියලා?

“අනිවාර්යයෙන්ම. ඒකෙන් තමයි රට නැවත පුනරාගමනයට, ආර්ථික ප්‍රගමනයට ආවේ.”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබ දැනටත් ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටිනවාද?

“අනිවාර්යයෙන්ම”


No comments:

Post a Comment

Post Bottom Ad