නොරොච්චෝල බිද වැටේ.. හදන්න දින 10ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 8, 2023

නොරොච්චෝල බිද වැටේ.. හදන්න දින 10ක්!

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද අලුයම සිට අක්‍රිය වී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ එය යථා තත්වයට පත් කිරීමට දින 10ක් පමණ ගතවනු ඇති බවටය.

මෙගාවොට් 240 ක විදුලි ධාරිතාවක් මෙම ඒකකය හරහා ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි.

මේ අතරෙ ජූනි මාසයේ සිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් තවත් ජනන යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත් කර තිබේ.

දැනට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වන අතර එක් ජනන යන්ත‍්‍රයක් පමණි.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ රට පුරා අඛණ්ඩ විදුලි බල සැපයුමක් මණ්ඩලය විසින් සහතික කර ඇති බවයි.

කිසිම ආකාරයක හෝ විදුලි බල කප්පාදුවක් සඳහා සැලසුම් කරන්න නැති බවද ඇමැතිවරයා කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad