දකුණට විදුලිය කපන්න වෙන රත්නපුරේ ප‍්‍රබල දේශපාලන පවුලේ විස්තර මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 8, 2023

දකුණට විදුලිය කපන්න වෙන රත්නපුරේ ප‍්‍රබල දේශපාලන පවුලේ විස්තර මෙන්න

උඩවලව ජලාශය සිඳී යාමත් සමග සමනලවැව ජලාශයෙන් ඊට ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු සමනල වැව විදුලි බලාගාරය අක්‍රිය වීමට නියමිතව තිබේ.

ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන ජාලය රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වන ගැටලුකාරී තත්ත්වයක් මත මෙතෙක් සම්බන්ධ කිරීමට නොහැකි වීම මත දකුණු පලාතට විදුලි කප්පාදුවක අවදානම මතුව තිබේ.

එම ඉඩම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අදහස් පල කලේය.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනක දී කියා සිටියේ අදාළ ඉඩම රත්නපුර ප්‍රදේශයේ ආටිගල පරම්පරාවට අයත් තේවත්තක් බවත් තිදෙනෙකු ඉඩමේ හිමිකරුවන් ලෙස ඉදිරිපත්වී සිටින බවත්ය.

ඉඩම හරහා විදුලි පද්ධතිය ගෙන යාම සඳහා රුපියල් මිලියන 1.6 ක් රජයෙන් අනුමත වී ඇතත් ඉඩම් හිමිකරුවන් මිලියන 9.6ක් ඉල්ලා සිටීමත් සමග වසර අටක කාලයක් තිස්සේ එම පද්ධති සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad