මුලතිව් සමූහ මිනී වළට ඉඩම් දෙකකට එපිටින් තිබුණේ කොටි වධකාගාරයක්… හමුවන සිරුරු කොටස් කොටි විසින්ම මරාදැමූූ කොටි සෙබලියන්ගේ බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 10, 2023

මුලතිව් සමූහ මිනී වළට ඉඩම් දෙකකට එපිටින් තිබුණේ කොටි වධකාගාරයක්… හමුවන සිරුරු කොටස් කොටි විසින්ම මරාදැමූූ කොටි සෙබලියන්ගේ බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් කියයි!

 
මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වළ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනයට ලක් වූ සාමාජිකාවන්ගේ මළ සිරුරුවල ඇට සැකිළි  බව   කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ආරක්ෂක අංශ වලට අද (10) ප්‍රකාශ කොට තිබේ.
මෙම සමූහ මිනී වළේ තිබී කොටි සාමාජිකාවන් තුන් දෙනෙකුට අයත් සම්පූර්ණ ඇට සැකිලි තුනක් 9 දා හමු වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අදහස්  දැක් වූ එම සාමාජිකයා ප්‍රකාශ කොට ඇත්තේ කොටි සංවිධානයේ වධකාගාරයක් මෙම සමූහ මිනී වළට යාබදව ඉඩම් දෙකකට එපිටින් තිබූ බවය.


වැරදි කරන ලද කොටි සාමාජිකාවන් විශාල පිරිසක් මේ ස්ථානයේ රඳවා සිටි බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.
තවද එම ස්ථානයෙන් කොටි සාමාජිකාවන් දෙදෙනෙකුට අයත්  ඔවුන් විසින් කරේ පැළද සිටින අංක තහඩු ( ඩෝග් ටැග් ) දෙකක්ද හමු වී තිබේ.

එම ස්ථානයෙන් කොටි සාමාජිකාවන්ගේ නිල  ඇදුම් කොටස් විශාල ප්‍රමාණයක්ද තනපට  කීපයක්ද හමු වී තිබේ.


කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භයේදී දෙමළ  දේශපාලන පක්ෂ නියෝජියන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ඇටසැකිලි යුද්ධයේ අවසන් දින කීපයේදී ආරක්ෂක අංශ වලට   බාර වූ කොටි සාමාජික සාමාජිකාවන්ගේ මළ සිරුරුවල ඇට සැකිළි බවයි.

නමුත් හිටපු කොටි සාමාජිකයෙකු මෙම සමූහ   මිනී වළ සම්බන්ධයෙන්  අදහස් දැක් වීමෙන් පසුව අළුතින් හමු වූ ඇට සැකිලි සම්බන්ධයෙන්  අදහස් ප්‍රකාශ කිරීමට කිසිම දෙමළ දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියකි.
මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තව දුරටත් අඛණ්ඩ සිදු වෙමින් පවතින අතර මුලතිව් දිස්ත්‍රික්  විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන්ගේ නිරීක්ෂණය මත  පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනවන්, නීතිඥ රනිතා ඥානරාසා, වී.කේ. නිරංජන්, කෝකිලායී පොලිස් ස්ථාන භාර නිලධාරී ඇතුලු පිරිසක් කැණීම් කටයුතු බාරව කටයුතු කරගෙන යයි.

No comments:

Post a Comment

Post Bottom Ad