මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 7, 2023

මූ සිල්වෙස්ටර්.. ඉන්නේ නුවර.. බදින්නේ සිංහල කෙල්ලෙක් - චාමර සම්පත්, රාසමානිකම්ගේ රෙදි ගලවයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී මෙම සංවාදය ඇති විය.

එහිදී ඇමතිවරයා පල කල අදහස් කිහිපයක් මෙසේය.

‘ඔය කතා කරපු කෙනා තමා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සාමාජිකත්වය අරන් මඩකලපුවෙන් චන්දෙ ඉල්ලුවේ.

යන්න එපා පිරිමියෙක් නම් ඇවිල්ල වාඩිවෙල අහගන්නවා ඕයි. තමුසෙ පිරිමියෙක් නම් වාඩිවෙල අහගන්නවා. මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකයා ඔය ගිය මිනිහා. 2010 අපේ පක්‍ෂෙ ඩාලි රෝඩ් එකේ සාමාජිකත්වය අරන් කාඩ් එක තිබුණා.

ඊළඟ එක මූ කොටියා කොටියා කොටිය කියලා කියවගන්න හදනවා. මූ ගියේ සිල්වෙස්ටර් නුවර. කෑවෙ සිංහල ගෙවල්වලින්. යාළුවෙලා ආශ්‍රය කරන්නේ සිංහල ගෑනු. බඳින්න යන්නේ සිංහල කෙල්ලෙක්.

මූ කොටියා කොටියා කියවගන්න යනවා අපේ සිංහල ගෙවල්වල මහනුවර දිස්ත්‍රික්කය හැදෙන්නේ. මහනුවර ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ.

එහෙම කරලත් දැන් කොටිය කොටියා කියාගන්න හදනවා මේ මිනිහා. මෙතන ටීඑන්ඒ එකේ දහ දෙනෙක් ඉන්නවා. මේ මිනිහා ඇර අනිත් නම දෙනාටම කොටියා කිව්වට සාධාරණයි. ඒ මිනිස්සු කොටිත් එක්ක හිටපු මිනිස්සු’

No comments:

Post a Comment

Post Bottom Ad