ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 17, 2024

ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ - නාමල්

ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින නිසා ඔහුගේ නම ද එම ලැයිස්තුවේ තිබෙන බවද ඔහු පැවසීය.

එමෙන්ම තවත් නම් බොහොමයක් ම එම ලැයිස්තුවේ ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad