තවත් ටික දවසකින් අමුතුම සිනමා නිර්මාණයක් කරන්න දේශපාලනයට සම්බන්ධ පිරිසක් සැරසෙන බවට වාර්තා වෙනවා.
ඒ අපේ හිටපු ජනකාන්ත නළු විජය කුමාරණතුංගයන් ගැන බවයි කියන්නේ.
දේශපාලනය හා කලාව මිශ්‍ර චරිතයකට හිමිකම් කියූ විජය සම්බන්ධයෙන් මේ නිර්මාණය කරන්න ඔහුගේ ආදරණීය බිරිඳ වූ හිටපු ලොකුනෝනාගෙනුත් අනුමැතිය ලැබිලයි කියලයි ආරංචි.
චිත්‍රපටයේ විජයගේ චරිතය නිරූපණය කරන්න තෝරාගෙන තියෙන්නේ එයාගේ සමීපතම ඥාතියෙක් වන හිටපු මන්ත්‍රී රංජන් කියලත් තතු දත් අය කියනවා.
දැනට අවුරුදු 35කට විතර කලින් අපෙන් සමුගත් විජය නැවතත් සිනමාවට කැඳවන්නේ එක්තරා දේශපාලන ව්‍යාපෘතියක පියවරක් හැටියට කියලත් සමහරු සැක පහළ කරනවා.
ඒ වගේම මේ සිනමා සිත්තම නිෂ්පාදනය කරන්නේ අපේ රටේ බොලිවුඩ්හි නම් දැරූ සිනමා නිර්මාණ ගණනාවක් කරපු ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙලු.
එයත් දැන් අපේ රටේ දේශපාලනය ගැන උනන්දු වෙන බවයි ඇතැමුන්ගේ මතය.
කොහොම නමුත් විජය නැවත කරළියට කැඳවීම ගැන කොළඹ දේශපාලන අග නගරේ නොයෙක් රසකතා ගෙතෙමින් පවතිනවා.(දේශය)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment