2021දී පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 35යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

2021දී පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 35යි

2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවට වන ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන්
සංඛ්‍යාව 37 ක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇතැම් පාසල්වල දේශපාලනික හේතු සහ වෙනත් විවිධ හේතූන් මුල් කරගනිමින් එම තත්වයන් ඒ අයුරින් ම තවමත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වී ඇති බව පැවසූ අමාත්‍යවරයා  ජාතික මට්ටමින් ලබාදෙන තීන්දු තීරණ වෙනස් කිරීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට කිසිවකුට හැකියාවක් නොමැති බව සඳහන් කළේය‍ෙ

අධ්‍යාපන අමාත්‍යවරයා ‍මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ පසුගිය දා කුලියාපිටිය කිලින්පොල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad