දිගම්බරන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ජාවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

දිගම්බරන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ජාවක

දිගම්බරන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ජාවක

වතු  කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය  අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය  පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ තම දේශාපාලන ඉදිරි ගමන පිළිබඳව අමාත්‍යවරයා සභාපති ධුරය දරන කම්කරු ජාතික පෙරමුණේ සහ ලංකා ජාතික කම්කරු සංගමයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා ඊයේ  (31) නොර්වුඩ් ක්‍රිඩාංගණයේ රැස්විම් ශාලාවේ  පැවති රැස්විමේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන බව පවසමින් වතුකරයේ දේශපාලනඥයින් වතු කම්කරුවන්ව මුලා කල බවයි.

වතු කම්කරුවන්ට මෙතෙක් ගෙවු  රුපියල් 40ක දිරි ගැන්විමේ දිමනාව මෙවර නොලැබි ඇති බව පැවසිය.

මෙතෙක් පැවති මැතිවරණවලින් වතුකරයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපති මැතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතාට වැඩි ජන්ද ප්‍රතිශයක් ලබා දි ඇත.

එම ජනතාව වෙනුවෙන් වතු කම්කරුවන්ට මෙවර වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රු 140  දිරිගැන්විමේ දිමනාව අග්‍රාමාත්‍යවරයා කම්කරු ඇමතිවරයාත්, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාත්, මැදිහත් වි වතු සමාගම් වෙතින් ලබා දිමට කටයුතු නොකල හොත් දමිල ප්‍රගිතශිලි සන්ධානය ඉදිරියේදි දේශපාලන වශයෙන් දැඩි තිරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා මෙම රැස්විමේදි වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad