විල්පත්තු රක්‍ෂිතයෙන් අක්කර 75ක් කර්මාන්ත පුරයකට වෙන් කෙරේ.(video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

විල්පත්තු රක්‍ෂිතයෙන් අක්කර 75ක් කර්මාන්ත පුරයකට වෙන් කෙරේ.(video)

Loading...


විල්පත්තු වන රක්ෂිතය ඇතුලත පිහිටි මුල්ලිකුලම් ප්‍රදේශයේ අක්කර 75 ක කර්මාන්ත පුරයක් වෙන්කරගෙන ඇති බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
ඊට අදාළ ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඉඩම් නිදහස් කිරීමේ කමිටුව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද උන්වහන්සේ පවසති.
ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් මෙම ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය මැනුම් කටයුතු සිදුකරමින් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ විසින් මෙම චෝදනා එල්ල කරන ලද්දේ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා වෙතයි.
මේ වන විටත් විල්පත්තු රක්‍ෂිතයේ අලූතින් ජනාවාස ඇතිකර ඒවාට විදුලිය ජලය මාර්ග පද්දති පවා ලබා දී ඇති බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad