"ගොඩ එන්න හොඳම උත්තරේ මම" - ගෝඨා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

"ගොඩ එන්න හොඳම උත්තරේ මම" - ගෝඨා

අද ලංකාවේ ජනතාවට ගොඩ ඒමට හොදම උත්තරය තමන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස යුද්දයෙන් පසු කාලයේදී කරන ලද කාර්ය භාරය ගැන ජනතාවගේ පැහැදීමක් ඇති බවත් ජනතාව තමන්ගේ එම කටයුතු නැවත ඉල්ලා සිටින බවත් පෙනී යන බවද ඒ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

තමන් ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සිදු කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් බවද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad