"එක වේලක් කන්න නැති මිනිස්සුන්ට ජිම් හදන්න යනවා - මේ මිනිහට පිස්සු හැදිලා" - ගීතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

"එක වේලක් කන්න නැති මිනිස්සුන්ට ජිම් හදන්න යනවා - මේ මිනිහට පිස්සු හැදිලා" - ගීතා

ත්මන් රජයට මිනිසුන්ගේ ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ඊයේ (23) බෙන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පළ කළේය.

අගමැතිවරයා හා ජනාධිපතිවරයා කිසිදු වගකීමක් නොමැතිව සිටින බවත්, ජනාධිපතිවරයාට කිසිදු අවස්ථාවක දී වගකීමෙන් ගැළවිය නොහැකි බවත් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටින බව ද ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.

එක් වේලක් හොයා ගැනීමට අසීරුව සිටින මිනිසුන්ට අද වන විට ජිම් සෑදීමට යන බවත් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ පිස්සු හැදී ඇති නිසාදැයි කුමාරසිංහ මහත්මිය මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

දෙන්න තියෙන දේවල් දෙනවා යැයි පවසමින් වැල්ලේ මාළිගා තනමින් මුළු රටම අද වන විට රවටා ඇති බව ද පැවසු ඇය, ජනාධිපතිවරයා හා අගමැතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වැරදිකරුවන් කළ බවත්, මෙයින් ගැළවීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad