පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ සවස අභාවප්‍රාප්ත විය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසු විය. ඔහු මුලින් කුරුණෑගල රෝහලේත් පසුව කොළඹ පෞද්ගලික රෝහලකදීත් ප්‍රතිකාර ලැබූවේය.

1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ‌ලෙස පාර්ලිමේන්තුවට පත් වූ සාලින්ද දිසානායක මහතා නියෝජ්‍ය ඇමැති, කැබිනට් ‌නොවන ඇමැති සහ කැබිනම් ඇමැති ධූර රැසක් ‌හෙබවූවෙකි. ඒ මහතා දෙදරු පියෙකි.

වෘත්තියෙන් රසායන ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.
වර්තමානයේ ඔහු ‌මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට හිතවත්ව කටයුතු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad