පොහොට්ටුව එක්වෙන්න එජාප ලොක්කෝ තිදෙනෙක් දොර පාමුල.. ගන්නවාට විරුද්දව පොහොට්ටුවේ ගාලගෝට්ටියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

පොහොට්ටුව එක්වෙන්න එජාප ලොක්කෝ තිදෙනෙක් දොර පාමුල.. ගන්නවාට විරුද්දව පොහොට්ටුවේ ගාලගෝට්ටියක් !

ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබලම නායකයන් තුන් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී තිබෙන අපේක්‍ෂක අර්බුදය හේතුවෙන් මෙම පිරිස දැනට මාස දෙකක තුනක පමණ කාලයක සිට පොහොට්ටුවේ ප‍්‍රබලයන් සමග සිදු කරන ලද සාකච්චා මත මෙම තීරණය ගෙන ඇත.
මෙම තිදෙනා බස්නාහිර, මධ්‍යම, උතුර පලාත් නියෝජය කරන පුද්ගලයන් වෙනයි.

කෙසේ වෙතත් මෙම තිදෙනා එක් කර ගැනීම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් ඇතුළු පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨන් විරෝධය දක්වා ඇති බවද දැනගන්නට ඇත.

මේ තත්වය මත වෙතත් මෙම එකී ප්‍රබලයන් තිදෙනා එක්කර ගැනීම කල් දමා ඇති අතර ඔවුන් එක් කර නොගන්නේ යයි අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව ද ආරංචි මාර්ග කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad