JVP ජනාධිපති අපේක්‍ෂකයා ගැන නලින්ද ජයතිස්ස ගෙන් ඉඟියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

JVP ජනාධිපති අපේක්‍ෂකයා ගැන නලින්ද ජයතිස්ස ගෙන් ඉඟියක් !

ළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියේ හොරණ වවුලගල ප‍්‍රදේශයේ, හොරණ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඔෂානි ඔමංගා මහත්මියගේ නිවසේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
අද මේ රට ගොඩ නැගිය හැකි විකල්ප කඳවුරේ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවා අගෝස්තු 18 වෙනිදාට ගාලූ මුවදොර ක‍්‍රීඩාංගණයේ දී විකල්ප පෙරමුණක් අපි අපේ අපේක්‍ෂකයා එළි දක්වනවා.

මාධ්‍යවේදී - පොඩි ඉඟියක් දෙන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා ගැන.

මන්ත‍්‍රී නලින්ද - අපේ අපේක්‍ෂකයා අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් ඉස්සරහට ආපු කෙනෙක්. අ.පො.ස (සා/පෙළ) සහ අ.පො.ස. (උ/පෙළ) සමත් කෙනෙක්. ඔහු අපේ රටේ රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. ඔහු වංචාවට දූෂණයට එරෙහිව ප‍්‍රබල හඬක් නගපු කෙනෙක්. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා දිවි හිමියෙන් කැපවුණු කෙනෙක්. ඔහුට රාජ්‍ය පාලනය රටේ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්. මේ රට ගොඩ නගන්න සමත් කෙනෙක්. දේශප්‍රේමී කෙනෙක්. මේ සියලූ අංග ලක්‍ෂණ සහිත කෙනෙක් සහ කිසිඳු රටක පුරවැසියෙක් නොවන ලාංකික පුරවැසියෙක් අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා.

හොරණ රොහාන්


No comments:

Post a Comment

Post Bottom Ad