ජනපති මෛත්‍රී බෝරා සමුලුවට යයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ජනපති මෛත්‍රී බෝරා සමුලුවට යයි !

නපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) දින බෝරාවරුන්ගේ ගෝලිය සමුලුවට සහභාගී වුනා.

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය,වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණු අතර දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බෝරාවරුන්ගේ මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත් වීම රටට ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවය.

රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් 21,000 ක සහභාගිත්වයෙන් මෙවර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත් වෙන අතර විදේශ රටවල බෝරාවරුන් 18,500ක පමණ පිරිසක් ඊට එක්ව සිටින අතර ශ්‍රී ලාංකික බෝරාවරුන් 2,500ක් පමණ සහභාගී වී සිටින බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad