ලංකාව මූල්‍ය කාර්යසාධනය ‘භයානක’ තත්වයේ,ලෝක ශ්‍රේණිගත කිරීම්වල (B-) මට්ටමට ඇද වැටීම ස්ථිරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ලංකාව මූල්‍ය කාර්යසාධනය ‘භයානක’ තත්වයේ,ලෝක ශ්‍රේණිගත කිරීම්වල (B-) මට්ටමට ඇද වැටීම ස්ථිරයි

Loading...
2018 වසරට සාපේක්ෂව, 2019 මුල් මාස 6 තුළ රජයේ මූල්‍ය කාර්යසාධනය “භයානක” මට්ටමට ඇද වැටි ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙයි.
රජයේ අදායම රු.බි. 925 සිට රු.බි 888 දක්වා පහල ගොස් ඇති අතර, රජයේ වියදම රු.බි. 1271 සිට රු.බි 1410 දක්වා ඉහල ගොස් ඇත.
ඒ අනුව, රාජ්‍ය අයවැය හිඟය රු.බි 346 සිට රු.බි 522 දක්වා ඉහල ගොස් ඇති නිසා, නොබෝ දිනකින් දැවැන්ත ණය සහ ද්‍රවශීලතා අර්බුදයක් මතු වෙන බව හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා අනතුරු අඟවයි.
මෙම තත්ත්වය හේතු කොටගෙන, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියද B සිට B-minus දක්වා පහත වැටිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
2014 දී , 71% ලෙස පැවති දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය තොගය, මේ වන විට 100% දක්වා වැඩි වී ඇති බවද ඔහු කියා සිටියේය.
– ශානක
Lankasinhlanews

No comments:

Post a Comment

Post Bottom Ad