අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි ?

ගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලසුමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා ඉඟි කරන ලද්දේ ඒ ගැන යයිද එම වාර්තාවන්හි සදහන්ය.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරුන් තිදෙනකු බැදුම්කර නඩුවේ නව සාක්ෂිකරුවන් දෙස එක් කරමින් එම චෝදනා මත අගමැතිවරයා එවකට සිටි මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම් වන බවට එම වාර්තාවන්හි දැක්වෙයි.

ඒ මගින් සජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට සූදානම් වන්නේ යයිද එම වාර්තා වැඩි දුරටත් කියා සිටී.

-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad