Loading...
ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ඒ බව මැතිවරණ කොමිසමට දන්වන ලද බවයි.
තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වනු ඇති බවයි.
මෙම තත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පැවැත්වෙන නව සන්දාන සාකච්චා ඉදිරියට ගමන් කිරීමට අවිනිශ්චිත තත්වයක පවතී.
කෙසේ වෙතත් අප කල විමසීමකදී මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හෝ නොවීම ගැන තම කොමිසම කිසිදු පක්‍ෂයකින් විමසා නැති බවත් ඒ බවක් තමනට දැන්වීමේ කිසිදු උවමනාවක් නැති බවත්ය.
ජනාධිපතිවරණයට අදාල නාම යෝජනා කැදවූ පසු එය තම කොමිසම වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම පමණක් ප‍්‍රමාණවත් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
-Lankasinhlanews.

No comments:
Post a Comment