කසල ප්‍රවාහනය කරන රථ වලට හානි කිරීම ඒවාට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම තහනම් කරමින් අධිකරන නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

කසල ප්‍රවාහනය කරන රථ වලට හානි කිරීම ඒවාට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම තහනම් කරමින් අධිකරන නියෝගයක්


අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කරන රථ වලට හානි කිරීම සහ ඊට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම තහනම් කරමින් පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ඊයේ මෙම නියෝගය ලබාදුන් බවයි පොලීසීය සඳහන් කළේ

එමෙන්ම, මෙම සිද්ධීන් වලට සම්බන්ධ බව කියන පුද්ගලයින් 4 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථවලට පසුගිය දින කිහිපය තුළ පුත්තලම - තිල්අඩිය සහ අරුවක්කාලු මාර්ගයේදී ප්‍රහාරයන් එල්ල වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad