ශානි අබේසේකර බෝට්ටුවෙන් රට පනී ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

ශානි අබේසේකර බෝට්ටුවෙන් රට පනී ?

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මුහුදු මාර්ගයෙන්රටින් පලා යාමේ සූදානමක් ඇති බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. ගුවන් තොටුපලින් ඔහු පලා යාවි යයි ඇතැමුන් සිතුවද බොහෝ අපරාධකාරයන් රටින් පිටවූයේ මුහුදු මාර්ගයෙන් යයිද උන් වහන්සේ පැවසූහ.

ශානි අබේසේකර දැනට රැදී සිටින්නේද ගාල්ලේ ප්‍රදේශයේ බවත් එනිසා මුහුදෙන් පැන යන්නට වැඩි ඉඩක් ඇති බවත් හිමියෝ තව දුරටත් කියා සිටියහ.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad