වෙඩිතැබීමක්.. අයෙකු මරුට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

වෙඩිතැබීමක්.. අයෙකු මරුට…

මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ 27 වනදා රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
අදාල වෙඩි තැබීම සිදු කල පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි මාරි ධර්මරාසා නැමති උයිලන්කුලම් ප්‍රදේශයේ පදංචි දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී නිවසට ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් එම පුද්ගලයා එම ස්ථානය්දීම මිය ගොස් සිටි බවටත් වෙඩි තැබීම් සිදු කර පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad