රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි - බන්ධනාගාර නිලධාරීන් ආපසු හැරී යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි - බන්ධනාගාර නිලධාරීන් ආපසු හැරී යයි

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
ඔහුගේ ප්‍රතිකාර සිදු කරන විශේෂඥ හෘද වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ යුතු පරික්ෂණ කිහිපයක් තිබුණ හෙයින් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරිමට අවසර දි නොමැත.

එම නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමට පැමිණි බන්ධනාගාර ගිලන් රථ ආදිය නැවත ආපසු ගිය ආකාරයක් දක්නට ලැබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad