සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශනයක් හදන්න - එස්.බී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශනයක් හදන්න - එස්.බී

ජාතික ගීය මුල් කරගනිමින් සිංහල-දෙමළ ජනතාව අතර අළුත් ප්‍රශ්නයක් හැදීමේ උත්සහයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
එළඹෙන නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීමට තීරණයක් ගෙන ඇති අතර එය ජනතාව අතර සහජීවනයට බාධා ඇතිකරන්නක් බවට පසුගියදා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන ලදී.

එයට ප්‍රතිචාරයක් වශයෙන් එස්.බී. දිසානායක මහතා ඒ බව පැවසූ අතර එහෙත් සුමන්තිරන් මහතා කියන පරිදි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ රාජ්‍ය පරිපාලන ඇමති හෝ එවැනි කතාවක් කියනවා තමන් නොදුටු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එය සුමන්තිරන් මහතා ඇතුළු කණ්ඩායම විසින්ම ගොඩනගාගත් සංවාදයක් බව හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් මේ වන විට එම සංවාදය ඇවිලෙමින් තිබෙයි.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අදහස් දක්වමින් කියා තිබුණේ මෙවැනි කාරණා මත බලය බෙදීම සිදුවිය යුතු බවයි.

ව්‍යවස්ථාවට අනුව සිංහල හා දෙමළ භාෂා දෙකම භාවිතා කිරීමේ අයිතිය ඇත්නම් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ ඇති නොහැකියාව කුමක්ද යන්න ඔහු විමසා සිටියේය.

මේ අතර සුමන්තිරන් මහතාගේ උක්ත ප්‍රකාශයෙන් පසු ඒ සම්බන්ධයෙන් තමිල්නාඩුවේද අවධානය යොමුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad