නෙළුම් කුළුණේ ලොක්කා ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

නෙළුම් කුළුණේ ලොක්කා ලෙස හිටපු හමුදා ලොක්කෙක් පත් කරයි

නෙළුම් කුලුණේ නව කළමනාකරණ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා (14) වැඩ භාරගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 35ක සේවා කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළ සමරසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිට ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයෙකු ලෙස සේවය කළේය.

ඔහු වැඩ භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– media unit


No comments:

Post a Comment

Post Bottom Ad