27 දක්වා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

27 දක්වා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ !

හෙට 20 දින සිට එළඹෙන 27 වන දින දක්වා නිවසේ සිට රාජකාරි කරන පදනමින් ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම නිවාඩුව පෞද්ගලික අංශයට ද ක්‍රියාත්මක කරන ලෙස රජය දැනුම් දී ඇත.
එම කාලයේදී රජයේ හා පුද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු කරන ලෙසද රජය දන්වා සිටී. එය සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවද රජය කියයි.

මීට පෙර ලබාදුන් දින තුනක නිවාඩුවක් අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අරමුණින් එළඹෙන 27 වන දින දක්වා මෙම නිවාඩුව දීර්ඝ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad